Nisal Sadaruwan

රුසියාවේ තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයකට ඩ්‍රෝන ප්‍රහාර

රුසියාවේ නොවොකුයිබයි ෂෙව්ස්ක් ප්‍රදේශයේ පිහිටි තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරවලට යුක්‍රේනය වගකිව යුතු බවයි රුසියාව චෝදනා කරන්නේ. ඩ්‍රෝන යානයේ සුන්බුන් තෙල් පිරිපහදු සංකීර්ණයේ ගැටීමෙන් එහි ගින්නක්ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 127 දෙනෙකු යොදවා ඇති අතර මේ වන විට ගින්න මැඩපවත්වා රුසියාවේ තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයකට ඩ්‍රෝන ප්‍රහාර

ලෝක කුසලානයට ක්‍රීඩකයින් තෝරන ශ්‍රී ලංකා ක්‍රිකට් තුන්කොන් තරඟාවලියට කණ්ඩායම් නම් කෙරේ

2026 ලෝක කුසලානය සහ සිම්බාබ්වේ තරඟ සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට සංවිධානය කරන තුන්කොන් විස්සයි 20 තරඟාවලියට අදාළ කණ්ඩායම් තුන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා. එම කණ්ඩායම් තුන නිල්, කොළ සහ අළු ලෙස නම් කර තිබෙන අතර අළු කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නිත්‍ය එක්දින හා විස්සයි 20 නායක චරිත් අසලංකට නම් කර ලෝක කුසලානයට ක්‍රීඩකයින් තෝරන ශ්‍රී ලංකා ක්‍රිකට් තුන්කොන් තරඟාවලියට කණ්ඩායම් නම් කෙරේ

කල් ඉකුත් වූ බිත්තර හඳුනාගන්නේ කෙසේද?

බිත්තර අලෙවියේදී කල් ඉකුත් වීමේ දිනයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට සිය නීති රෙගුලාසිවලට මෙතෙක් ඇතුළත්ව නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති පුලින රණසිංහ මහතා පැවසුවේ වෙළඳපොළේ අලෙවි කෙරෙන බිත්තර සාමාන්‍යයෙන් දින 14ක කාලයක් තබාගත හැකි බවයි. Neth Sound · PHI RANASINHA 02 වෙළඳපොළේ සිල්ලරට අලෙවි කරන බිත්තර කල් ඉකුත් කල් ඉකුත් වූ බිත්තර හඳුනාගන්නේ කෙසේද?

පොහොට්ටුව හැර ගිය සියලු දේශපාලන පක්ෂ සමග නාමල් සාකච්ඡා අරඹයි

සිය පක්‍ෂය හැරගිය ඇතැම් දේශපාලන පක්ෂවල නියෝජිතයින් සමග මූලික අදියරේ සාකච්ඡාවක් අද දිනයේද පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග පැවැත්වෙන බවයි පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ. Neth Sound · SANJEEWA 01 ඉදිරියේදී ආණ්ඩු බලය දිනාගත පොහොට්ටුව හැර ගිය සියලු දේශපාලන පක්ෂ සමග නාමල් සාකච්ඡා අරඹයි

දළදා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද

මහනුවර, ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීථී සංචාරය කෙරුණේ පස්වරු 06:43ට යෙදුණු සුබ මොහොතින්. එය නැරඹීමට විශාල පිරිසක් මහනුවරට පැමිණ සිටියා. මේ, අද දිනයේ වීථි සංචාරය කෙරෙන පළමු රන්දෝලි පෙරහැරේ සූදානම පිළිබඳ තොරතුරු ගෙන එන මහනුවර දළදා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද

යෞවන සමාජ සම්මේලනවලට ආණ්ඩුවෙන් බලපෑම් කරනවාද?

යෞවන සමාජ සම්මේලන පිහිටුවීම සඳහා පැවති නිලවරණවලදී නව තරුණ නායකයින් පත් කිරීමේදී දිස්ත්‍රික්ක කිහිපයකදී විරෝධතා එල්ල වුණා. එහිදී ඔවුන් සඳහන් කළේ එම යෞවන සමාජවලට නව නිලධාරීන් තෝරා ගැනීමේදී දේශපාලන මැදිහත්වීම් සිදුවන බවයි. ගම්පහ ප්‍රදේශයේ යෞවන සමාජ සම්මේලනය පිහිටුවීම නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. එම සම්මේලනයටද යම් තරුණ පිරිසකගෙන් බාධා එල්ල වුණා. එමෙන්ම අමාත්‍ය යෞවන සමාජ සම්මේලනවලට ආණ්ඩුවෙන් බලපෑම් කරනවාද?

බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට

බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයක රියදුරෙකු නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම බස් රථය වැලිමඩ සිට නුවරඑළිය හරහා ධාවනය කරමින් තිබියදී පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කර ඇති අතර එහිදී රියදුරු අධික ලෙස බීමත්ව සිටි බවටයි තහවුරු වී ඇත්තේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බස් රථයේ විශාල මගීන් ප්‍රමාණයක් සිටි බවයි පොලීසිය පවසන්නේ. බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට

වසර 600කට පසු රුසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

වසර 600කට පසු පළමු වරට කම්චැට්කාහි ක්‍රෂෙනිකොව් ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා. රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ආසන්න පැසිෆික් සාගරයේ සුනාමි තත්ත්වයක් ද ඇති කරමින් පසුගිය දා හටගත් රික්ටර් මාපකයේ ඒකක 8යි දශම 8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයේ බලපෑම හේතුවෙන් මෙම ගිනි කන්ද සක්‍රිය වන්නට ඇති බවට විශේෂඥයින් මත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වසර 600කට පසු රුසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

විදේශීය සංචාරකයන්ට කටුනායක ගුවන් තොටුපොළේ දී රියැදුරු බලපත්‍ර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට, ඔවුන්ගේ රියදුරු බලපත්‍රය සහ වීසා කාලය අනුව මෙරටට වලංගු වන රියැදුරු බලපත්‍රයක් විනාඩි 05ක් වැනි සුළු කාලයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ අද විවෘත කෙරුණා. ඒ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ විදේශීය සංචාරකයන්ට කටුනායක ගුවන් තොටුපොළේ දී රියැදුරු බලපත්‍ර