Nisal Sadaruwan

හිටපු ඇමති මර්වින් සිල්වාට එරෙහි අල්ලස් නඩුවක් කල්යයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ අයතා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි. එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයේ හිටපු ඇමති මර්වින් සිල්වාට එරෙහි අල්ලස් නඩුවක් කල්යයි

යුරෝපා සංගමය හා ඇමෙරිකාව 15%ක තීරු බදු ප්‍රතිශතයකට එයි

මාස ගණනක් පුරා පැවති ගැටලු අවසන් කරමින් අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ, ජනාධිපති ට්‍රම්ප් සහ යුරෝපා සංගම් ප්‍රධානියා අතර ස්කොට්ලන්තයේ දී පැවති හමුවකින් පසුවයි. ඒ අනුව, මීට පෙර යෝජනා කරන ලද සියයට 30 අනුපාතය සංශෝධනය කරමින් යුරෝපා සංගම් අපනයන සඳහා සියයට 15ක ස්ථාවර තීරුබදු පැනවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා යුරෝපා සංගමය හා ඇමෙරිකාව 15%ක තීරු බදු ප්‍රතිශතයකට එයි

මන්ත්‍රී තාරකගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාතර ප්‍රදේශයේදීයි. Neth Sound · WELIGAMA V පසුගිය කාලය පුරා රටේම වැඩි අවධානයක් යොමු වූ ප්‍රාදේශීය සභාවක් තමයි වැලිගම ප්‍රාදේශීය සභාව. ඒ, එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම මන්ත්‍රී තාරකගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට

යෝෂිතගේ සහ ඩේසි ආච්චිගේ නඩුවකට දින දෙයි

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස පත්කර ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර යෝෂිතගේ සහ ඩේසි ආච්චිගේ නඩුවකට දින දෙයි

‘Govpay’ යෙදුමෙන් බස්නාහිරට අද සිට හිමි වන සහනය

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද සිට Govpay යෙදුම හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ස්ථානීය වැරදි 33ක් සඳහා Govpay යෙදුම හරහා දඩ ගෙවිම සිදුකළ හැකි හැකි බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ. Neth Sound · BIMAL 03 එම ‘Govpay’ යෙදුමෙන් බස්නාහිරට අද සිට හිමි වන සහනය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් සිදු වන්නේ පෙළපොත් අලුත් වීම පමණක්ද?

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු අලුත් පෙළපොතක් හඳුන්වාදීමේ වැඩසටහනක් පමණක් නොවන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. එම ප්‍රතිසංස්කරණ හරහා අධ්‍යාපන පද්ධතියම වෙනස් වන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ. Neth Sound · EDUCATION යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද විවිධ පාර්ශව මෙන්ම රට දැනුවත් කිරීමේ වැඩසටහන් දැන් ක්‍රියාත්මකයි. එම බොහෝ වැඩසටහන් සදහා අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් සිදු වන්නේ පෙළපොත් අලුත් වීම පමණක්ද?

ජනපති මාලදිවයිනට

තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගියා. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එම සංචාරයට එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව ජනපති මාලදිවයිනට

ආපදාවලට ලක්වන ධීවරයන් ගැන සොයා බැලීමට පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍යයි – විපක්ෂ නායක

හලාවත ධීවර වරායෙන් ධීවර රැකියාවට ගොස් අතුරුදන් වූ ධීවරයා වෙනුවෙන් මේ මොහොතේ හෝ කළ හැකි ඉහළම මැදිහත්වීම සිදු කර මේ අතුරුදන් වූ ධීවරයා සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් ධීවර රැකියාවේ නිතර වූවන් ආපදාවලට ලක්වන විට ඒ ආපදාවලින් මුදවා ගැනීමට පැහැදිලි යාන්ත්‍රණයක් අප රටේ නොමැති වීම විශාල ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා විපක්ෂ ආපදාවලට ලක්වන ධීවරයන් ගැන සොයා බැලීමට පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍යයි – විපක්ෂ නායක

ඉන්දියාව සහ මාලදිවයින අතර නව ගිවිසුම් 08 ක්

ඉන්දියාව සහ මාලදිවයින අතර නව ගිවිසුම් 08 කට අත්සන් තබා තිබේ. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනේ සිදු කරන නිල සංචාරයට සමගාමීවයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු ඉදිරියේ එම ගිවිසුම් සඳහා අත්සන් තැබිණි. ඉන්දීය පාර්ශවය වෙනුවෙන් විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ මාලදිවයින වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් ගිවිසුම් සඳහා අත්සන් තබා තිබේ. ඉන්දියාව සහ මාලදිවයින අතර නව ගිවිසුම් 08 ක්