අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී රු. 10,000/- ක අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධව තැරැව්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යලය අසල දී. යතුරු පැදියක අනු ලියාපදිංචි සහතිකය, මුල් ලියාපදිංචි සහතිකය ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මගින් සංශෝධනය කරවා දීමට අල්ලස් වශයෙන් … අල්ලස් ගන්න ගිය RMV තැරැවූකරුවෙකු අත්අඩංගුවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. එලෙස වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා … අමාත්‍යංශ හතරකට වැඩබලන අමාත්‍යවරුන් පත් කෙරේ
නව තානාපතිවරුන් පස් දෙනෙකු, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යංශය ලේකම්වරියක් පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ නම සහ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන් මහතාගේ නම එම කාරක සභාව විසින් අනුමත කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව … තානාපති සේවයේ පත් කිරීම් හයකට උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය
අරගලය පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් මහජනතා විසින් උද්ඝෝෂණයක් සිදුකළ අවස්ථාවේදී එය විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් වෙඩි තැබීමෙන් පුද්ගලයකු මරණයට පත්වීම ඇතුළු තවත් පිරිසක් තුවාල ලැබීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් … රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 7වනදා විභාගයට අවසර දෙයි
අල්ලස් කොමිසම විසින් “දූෂණය” නමැති වරද යටතේ හිටපු කාන්තා කටයුතු අමාත්‍යවරියක වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට එරෙහිව ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කර තිබෙනවා ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි. එහිදී විත්තිකාර චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති … හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරගේ නඩුවට මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ අයතා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි. එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයේ … හිටපු ඇමති මර්වින් සිල්වාට එරෙහි අල්ලස් නඩුවක් කල්යයි
මාස ගණනක් පුරා පැවති ගැටලු අවසන් කරමින් අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ, ජනාධිපති ට්‍රම්ප් සහ යුරෝපා සංගම් ප්‍රධානියා අතර ස්කොට්ලන්තයේ දී පැවති හමුවකින් පසුවයි. ඒ අනුව, මීට පෙර යෝජනා කරන ලද සියයට 30 අනුපාතය සංශෝධනය කරමින් යුරෝපා සංගම් අපනයන සඳහා සියයට 15ක ස්ථාවර තීරුබදු පැනවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා … යුරෝපා සංගමය හා ඇමෙරිකාව 15%ක තීරු බදු ප්‍රතිශතයකට එයි
ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාතර ප්‍රදේශයේදීයි. Neth Sound · WELIGAMA V පසුගිය කාලය පුරා රටේම වැඩි අවධානයක් යොමු වූ ප්‍රාදේශීය සභාවක් තමයි වැලිගම ප්‍රාදේශීය සභාව. ඒ, එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම … මන්ත්‍රී තාරකගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට