Pramitha Sangith

සහන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් යළි නිවාසවල පදිංචි කිරීමේ රජයේ සැලසුම

ආපදා තත්ත්වය හේතුවෙන් අර්ධ හානි වු නිවාසවල පුද්ගලයින් මාස තුනක් ඇතුළත යළි එම නිවාසවල පදිංචි කිරීමට කටයුතු කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා. එම නිවාස පදිංචියට සුදුසු තත්ත්වයේ පවතින්නේදැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් වාර්තාවක් ලබා ගැනීමෙන් බවයි එම පියවර ගන්නා බවයි ඔහු පැවසුවේ. Neth Sound · PRABATH 01 පූර්ණ ලෙස සහන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් යළි නිවාසවල පදිංචි කිරීමේ රජයේ සැලසුම

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වෙයිද?

ආපදා තත්ත්වයක් ඇති වුවද අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. ආනයනයකරුවන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ දැමීමට උත්සාහ කළහොත් ඒ සඳහා ද ක්‍රමවත් වැඩපිළිවෙලක් වෙළඳ අමාත්‍යංශය සකස් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. Neth Sound · WASANTHA 01 අපාදාවෙන් හානියට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වෙයිද?

උත්සව සමය පෙනි පෙනී වරායේ සිරවුණු බහාලුම්

වරාය පරිශ්‍රය තුළ බහාලුම් පටවා ගත් ලොරි රථ 300කට වැඩි ප්‍රමාණයක් දින කිහිපයක සිටම සිරවී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා. පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ලැබෙන ආධාර සහ උත්සව සමය තුළදී මෙරටට ආනයනය කරන භාණ්ඩය හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවයි බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ. උත්සව සමය පෙනි පෙනී වරායේ සිරවුණු බහාලුම්

ඉන්දියාව වේගයෙන් සංවර්ධනය වන බව අමෙරිකාව කියයි

ඇමරිකානු නියෝජිත බිල් හුයිසෙන්ගා, ඉන්දියා-ඇමරිකානු හවුල්කාරිත්වයේ පුළුල් වන ආර්ථික හා උපායමාර්ගික මානයන් ඉස්මතු කළ අතර, ඇමරිකානු ව්‍යාපාරවල වර්ධනය වන උනන්දුව සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ගැඹුරු සහයෝගීතාවයක අවශ්‍යතාවය අවධාරණය කළේය. ඔහු මෙම ප්‍රකාශය කළේ ‘ඇමරිකානු-ඉන්දියා උපායමාර්ගික හවුල්කාරිත්වය: නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සුරක්ෂිත කිරීම’ යන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු දකුණු සහ මධ්‍යම ඉන්දියාව වේගයෙන් සංවර්ධනය වන බව අමෙරිකාව කියයි

කනවරැල්ල පාලම සකස් කර අවසන්

ඇල්ල පස්සර මාර්ගයේ කනවරැල්ල පාලම නවීකරණය කර ඊයේ (14) පස්වරුවේ වාහන යා හැකි වන පරිදි සකස් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඉකුත් වැසි සමයේ මෙම පාලම සම්පූර්ණයෙන් ගැලවී ගසාගෙන ගොස් විනාශයට පත් වී තිබූ අතර නව පාලමක් කඩිනමින් ඉදි කිරීමට පියවර ගෙන තිබුණා. තවමත් අවහිර වී ඇති පස්සර නමුණුකුල මාර්ගය විවෘත කිරීම තව කනවරැල්ල පාලම සකස් කර අවසන්

ව්‍යසනය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් නාවික හමුදාව ඉටුකළ මෙහෙවර කෘතවේදීව අගයනවා

පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය ස්ථාවර සහ ක්‍රමිකව ගොඩනගමින් තිබු මෙරට ආර්ථිකයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් බවත් එවන් අභියෝගයක් හමුවේ සියලු දෙනා වෙත පැවරෙන වගකීම වන්නේ පලා යාම හෝ කණස්සලට පත් වී කම්පාවෙන් බලා සිටීම නොව රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එම ව්‍යසනය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් නාවික හමුදාව ඉටුකළ මෙහෙවර කෘතවේදීව අගයනවා

දැඩි අධීක්ෂණය නිසා වැටලු “කුෂ්”

රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූ දහසක් වටිනා ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන වෙනත් පුද්ගයෙකු ලවා මෙරටට ගෙනැවිත් සිය නිවසෙහි සගවා ගෙන සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දීර්ඝ විමර්ශනයකින් පසුව ඊයේ(14) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 34 හැවිරිදි මොහු දැඩි අධීක්ෂණය නිසා වැටලු “කුෂ්”

ලබන 16 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් හේතුවෙන් ලබන 16 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසුව තැනින් තැන ලබන 16 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

ඕස්ටේ්‍රලියාවේ බොන්ඩි වෙරළ රතු කළ සමූහ වෙඩි තැබීම

ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර බොන්ඩි නම් වෙරළාශ්‍රිතව අද දහවල් සිදුකළ සමූහ වෙඩි තැබිමෙන් මේ වන විට 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඒ අතර එක් වෙඩික්කරුවෙකු ද සිටින බවට ඕස්ටේ්‍රලියා පොලීසිය පවසා ඇති බවයි. එම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 29 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඕස්ටේ්‍රලියාවේ බොන්ඩි වෙරළ රතු කළ සමූහ වෙඩි තැබීම