Pramitha Sangith

පකිස්තානයේ තවදුරටත් සිටින ඇෆ්ගන් සරණාගතයින් අවදානමක

පකිස්තානයේ සිටින ඇෆ්ගන් සරණාගත වැසියන් බලහත්කාරයෙන් පිටුවහල් කිරීම සහ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් විසින් සිදුකරන හිරිහැර පිළිබඳ අවදානමට මුහුණ පා සිටින බව වාර්තා වේ. එමෙන්ම එරට මාධ්‍ය වාර්තා කළේ පාකිස්තානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින්ට වීසා දීර්ඝ කිරීමේ සේවා අත්හිටුවීම සම්බන්ධයෙන් ද අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි. එරට මාධ්‍ය වාර්තා අනුව, ලියාපදිංචි සහතික (PoR) කාඩ්පත් අවලංගු කිරීම පකිස්තානයේ තවදුරටත් සිටින ඇෆ්ගන් සරණාගතයින් අවදානමක

ඉන්දීයාව සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 04වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන 04වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 32යි පන්දු 4ක් තුල කඩුලු දෙකක් දැවී ලකුණු 93ක් රැස් කරගෙන සිටියා. යශස්වි ජයිස්වාල් සහ සායි සුදර්ශන් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. තරඟයේ පළමු ඉනිම සඳහා සංචාරක ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 358ක් ඉන්දීයාව සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 04වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි

ජංගම දුරකථන කොල්ලකෑ කෝටිපති පුතා සහ මිතුරා රිමාන්ඩ්

හෙරොයින් පානය කිරීම සඳහා යතුරුපැදියකින් ගොස් කාන්තාවන්ගේ අත්බෑග සහ නවීන පන්නයේ ජංගම දුරකතන කොල්ලකෑමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකු අගෝස්තු 09 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. සම්පූර්ණ ලෙස මුහුණ ආවරණය කළ හිස් වැසුම් පැළඳ ජංගම දුරකථන කොල්ලකෑ කෝටිපති පුතා සහ මිතුරා රිමාන්ඩ්

මුවදෙනකු ඝාතනය කළ සැකකරුවන් රිමාන්ඩ්

ගලේවෙල, මකුළුගස් වැව හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරු දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව්දෙනා අගෝස්තු පළමුවනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, පොලීසිය විසින් සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. කෙසේවෙතත් අසනීප තත්ත්වයෙන් පසුවූ එක් සැකකරුවෙකු දඹුල්ල මූලික රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලීසිය අධිකරණයට වාර්තා මුවදෙනකු ඝාතනය කළ සැකකරුවන් රිමාන්ඩ්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලයට

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා පැමිණ තිබෙනවා. එහිදී, බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ කෙටි පිළිසඳරකද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ජනාධිපති කාර්යාලයේ පුස්තකාලය, පැරණි පාර්ලිමේන්තුව සහ කැබිනට් රැස්වීම් ශාලාව ඇතුළු කාර්යාලීය පැරණි ස්ථාන නැරඹීමටද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එහිදි අවස්ථාව හිමිව තිබෙනවා. ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලයට

ඩඩ්ලිගේ හෝටලය කඩනවාද? වනවාසී රාහුල හිමියන් ඇමති ලාල්කාන්තට කළ අභියෝගය

ඕනෑම පුද්ගලයෙකුගේ තරාතිරම නොබලා වැව් රක්‍ෂිතවල ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර එම භූමි රජයට අත්පත් කර ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා. සිය කඳවුරේ කිහිපදෙනෙකුද එලෙස අනවසර ඉදිකිරීම් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවට අමාත්‍යවරයා පැවසුවා. මොණරාගල, සියඹලාණ්ඩුව කොට්ඨාසයේ වැව් සහ ඇළ ඩඩ්ලිගේ හෝටලය කඩනවාද? වනවාසී රාහුල හිමියන් ඇමති ලාල්කාන්තට කළ අභියෝගය

අගමැතිනිය තරුණ ප්‍රජාවගෙන් කළ ඉල්ලීම

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැකසීම සඳහා ඍජුවම තරුණ පරපුර සහ සිසු සිසුවියන් සම්බන්ධ විය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. ඒ අනුව ඊට අදාළ අදහස් සහ යෝජනා එවන ලෙසයි අග්‍රාමාත්‍යවරිය ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේ. රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පස්වන සැසිවාරය නැරඹීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිනිය තරුණ ප්‍රජාවගෙන් කළ ඉල්ලීම

කාන්තාවන් සහ ළමුන් 90,000ක් උග්‍ර මන්දපෝෂණයට ගොදුරුවෙයි

ගාසා තීරයේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ දින ගණනක් ආහාර නොගෙන ජීවත් වන බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන අනාවරණය කරනවා. ඒ හේතුවෙන් කාන්තාවන් සහ ළමුන් 90,000කගේ පමණ මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 122 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර මේ හේතුවෙන් ඔවුන්හට හදිසි ප්‍රතිකාර ලබාදිමේ කාන්තාවන් සහ ළමුන් 90,000ක් උග්‍ර මන්දපෝෂණයට ගොදුරුවෙයි

ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැණුවත් කෙරේ

ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව අද පවත්වා තිබෙනවා ඒ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි ඒ අනුව අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීහු 100කට වැඩි පිරිසක් ඊට සහභාගි වී තිබුණා මෙම වැඩසටහන මගින්, නැගෙනහිර පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැණුවත් කෙරේ