Pramitha Sangith

විපක්ෂයේ චෝදනා වලට ඇමති නලින්දගෙන් උත්තර

ඉදිරි අයවැයේදී මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයක් දැකගත හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. විපක්ෂය චෝදනා කළද කිසිවෙකුත් නොසිතූ ආකාරයට වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකය මේ වන විටත් ශක්තිමත් කර ඇතැයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියා.  Neth Sound · NALINDA 02

මානව හිමිකම් කොමිසම කළ අනාවරණය

පසුගිය වසර 05 තුළදී පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා. තවත් පුද්ගලයින් 30 දෙනෙකු ගැටුම්වලදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි ඔහු කියා සිටියේ. Neth Sound · PUNCHIHEWA 01 ආසියාවේ බුද්ධිමත්ම පොලිස් නිළධාරින් සිටින්නේ ශ්‍රී ලංකාවේ බවත්, එම නිළධාරින්ට නව තාක්ෂණය උපයෝගිකර මානව හිමිකම් කොමිසම කළ අනාවරණය

STF වෙඩි පහරෙන් මියගිය වෙඩික්කරුවෙකුගේ මෘත දේහය ගමට ගෙන එනවාට විරෝධයක්

කහතුඩුව, පහළගම කුරුඳු ඉඩමකදී සිදු වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබලෙකු වන චාමර ජානක පොරගේ නමැත්තාගේ මෘත දේහය ඔහුගේ ගමට ගෙන ඒමට හංවැල්ල, ආටිගල ප්‍රදේශවාසීන් විරෝධය පළ කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ මෘත දේහය හෝමාගම පිටිපන ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට පවුලේ ඥාතීන් කටයුතු කර ඇති බවයි පොලීසිය පැවසුවේ. STF වෙඩි පහරෙන් මියගිය වෙඩික්කරුවෙකුගේ මෘත දේහය ගමට ගෙන එනවාට විරෝධයක්

සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස තරඟයේ ජය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට

සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස තරඟය කඩුලු 06කින් ජය ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩාමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බටහිර කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 214 සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස තරඟයේ ජය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට

යුද ගැටුම් හමුවේ කාම්බෝජය තායිලන්තයෙන් කළ ඉල්ලීම

වහාම ක්‍රියාත්මකවන පරිදි කාම්බෝජය විසින් තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා. ඒ, තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුවයි. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා පවසා ඇත්තේ, තම රට ‘කොන්දේසි විරහිතව‘ සටන් විරාමයක් ඉල්ලා සිටි බවයි. යුද ගැටුම්වලට සාමකාමී විසඳුමක් අවශ්‍ය බවද ඔහු පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් තායිලන්තය මේ දක්වා සටන් විරාම යෝජනාවට ප්‍රසිද්ධියේ යුද ගැටුම් හමුවේ කාම්බෝජය තායිලන්තයෙන් කළ ඉල්ලීම

අනාගත පරපුර වෙනුවෙන් යුද හමුදාව වෙරළ තීරයට

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තෝරාගත් ප්‍රදේශ 253 ක වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ලබන 29 වනදා පැවැත්වෙනවා. එදින පෙරවරු හතේ සිට මධ්‍යහ්න 12 දක්වා එම වැඩසටහන ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ක්‍රියාත්මකයි. මිනිස් ක්‍රියාකාරකම් බහුලව සිදු වන ප්‍රදේශ තෝරා ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ එම වැඩසටහන ක්‍රියාත්මක බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් වරුණ අනාගත පරපුර වෙනුවෙන් යුද හමුදාව වෙරළ තීරයට

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතාකරන්න සංගමයක් අගමැති ළඟට

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හයවෙනි විෂය ලෙස ඉතිහාසය විෂය එක් කරන්නැයි සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකදීයි. එම සාකච්ඡවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු දුෂ්‍යන්ත මහබදුගේ මහතා පැවසුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ යෝජනාවලියක් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතාකරන්න සංගමයක් අගමැති ළඟට

ආසියාවේ සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය රජුට ඇරයුමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු අතර හමුවක් සිදුව තිබේ. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරය අතරතුරදීයි. එක්සත් රාජධානියේ සැන්ඩ්‍රින්හැම් මන්දිරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි III චාල්ස් රජු හමුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කර මද වේලාවකින් අනතුරුව මෙම හමුව සිදුවිය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ආසියාවේ සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය රජුට ඇරයුමක්

තායිලන්තයේ සහ කාම්බෝජයේ සිටින ඉන්දියානුවන්ට දැනුම්දීමක්

තායිලන්ත-කාම්බෝජ දේශසීමාවේ පවතින යුදමය තත්වය උත්සන්න වෙමින් පවතින බව වාර්තා වේ. එම ආතතීන් මධ්‍යයේ තායිලන්තයේ ඉන්දියානු තානාපති කාර්යාලය සංචාරක උපදේශනයක් නිකුත් කරමින් එම රටවල සිටින ඉන්දීය සංචාරකයන්ට දන්වා සිටියේ පවතින තත්වය පිළිබඳ විමසිලිමත්ව සිටින ලෙසයි. නිල තායි මූලාශ්‍ර සහ තායිලන්ත සංචාරක අධිකාරිය නිකුත් කරන නිවේදන හරහා තත්වය සම්බන්ධයෙන් යාවත්කාලීනව සිටින ලෙසත් ඔවුන්ව දැනුවත් කර ඇත. තායිලන්තයේ සහ කාම්බෝජයේ සිටින ඉන්දියානුවන්ට දැනුම්දීමක්