Pramitha Sangith

අගමැතිනිය තරුණ ප්‍රජාවගෙන් කළ ඉල්ලීම

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැකසීම සඳහා ඍජුවම තරුණ පරපුර සහ සිසු සිසුවියන් සම්බන්ධ විය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. ඒ අනුව ඊට අදාළ අදහස් සහ යෝජනා එවන ලෙසයි අග්‍රාමාත්‍යවරිය ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේ. රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පස්වන සැසිවාරය නැරඹීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිනිය තරුණ ප්‍රජාවගෙන් කළ ඉල්ලීම

කාන්තාවන් සහ ළමුන් 90,000ක් උග්‍ර මන්දපෝෂණයට ගොදුරුවෙයි

ගාසා තීරයේ ජනතාවගෙන් තුනෙන් එකක් පමණ දින ගණනක් ආහාර නොගෙන ජීවත් වන බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන අනාවරණය කරනවා. ඒ හේතුවෙන් කාන්තාවන් සහ ළමුන් 90,000කගේ පමණ මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 122 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර මේ හේතුවෙන් ඔවුන්හට හදිසි ප්‍රතිකාර ලබාදිමේ කාන්තාවන් සහ ළමුන් 90,000ක් උග්‍ර මන්දපෝෂණයට ගොදුරුවෙයි

ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැණුවත් කෙරේ

ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව අද පවත්වා තිබෙනවා ඒ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි ඒ අනුව අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීහු 100කට වැඩි පිරිසක් ඊට සහභාගි වී තිබුණා මෙම වැඩසටහන මගින්, නැගෙනහිර පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි ජනාධිපති අරමුදලෙන් නැගෙනහිර පළාත් විෂය නිලධාරීන් දැණුවත් කෙරේ

යෞවන සමාජ පද්ධතියම අද වන විට දේශපාලනීකරණය වෙලා – විපක්ෂ නායක

වත්මන් රජයත් යෞවන කටයුතු අමාත්‍යවරයා සහ තරුණ සේවා සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් දශක ගණනාවක් පුරා මෙරට තාරුණ්‍යට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ දේශපාලන භේදයෙන් තොරව තරුණ හඬ තරුණ ජවය සහ තරුණ ශක්තිය ක්‍රියාත්මක කරන්න තිබූ යෞවන සමාජ පද්ධතිය සහමුලින්ම දේශපාලනීකරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව යෞවන සමාජ පද්ධතියම අද වන විට දේශපාලනීකරණය වෙලා – විපක්ෂ නායක

දළ ඇතුන් ඝාතන නඩු 7ක් මහේස්ත්‍රාත් අධිකරණ හතරකදී විභාගයට

වෙඩි තබා සහ විදුලිය සැර වද්දවා දළ ඇතුන් මරා දැමීමේ සිද්ධීන් වලට අදාළව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පමණක් දැනට නඩු හතරක් විභාග වෙමින් පවතිනවා. ඊට අමතරව තවත් දළ ඇතෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියකට අදාළ තවත් නඩුවක් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. මේ අතර කැබිතිගොල්ලෑව සහ මහව දළ ඇතුන් ඝාතන නඩු 7ක් මහේස්ත්‍රාත් අධිකරණ හතරකදී විභාගයට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 65 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින් පුද්ගලයන් 65ක් සමඟ ඩිංගි යාත්‍රා 16ක් නාවික හමුදා භරයට ගෙන තිබෙනවා. ඒ අනුව, ත්‍රිකුණාමලය සල්පේරු, උප්පුරල්, පොල්මල්කුඩා, නිලාවේලී, මලෛයිමුන්තාල්, පුත්තලම ඉප්පන්තිව් සහ මන්නාරම උතුර යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර නාවික විධානය, වයඹ නාවික විධානය සහ නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 65 ක් නාවික හමුදා භාරයට

විපක්ෂයේ චෝදනා වලට ඇමති නලින්දගෙන් උත්තර

ඉදිරි අයවැයේදී මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයක් දැකගත හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. විපක්ෂය චෝදනා කළද කිසිවෙකුත් නොසිතූ ආකාරයට වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකය මේ වන විටත් ශක්තිමත් කර ඇතැයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියා.  Neth Sound · NALINDA 02

මානව හිමිකම් කොමිසම කළ අනාවරණය

පසුගිය වසර 05 තුළදී පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසනවා. තවත් පුද්ගලයින් 30 දෙනෙකු ගැටුම්වලදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි ඔහු කියා සිටියේ. Neth Sound · PUNCHIHEWA 01 ආසියාවේ බුද්ධිමත්ම පොලිස් නිළධාරින් සිටින්නේ ශ්‍රී ලංකාවේ බවත්, එම නිළධාරින්ට නව තාක්ෂණය උපයෝගිකර මානව හිමිකම් කොමිසම කළ අනාවරණය

STF වෙඩි පහරෙන් මියගිය වෙඩික්කරුවෙකුගේ මෘත දේහය ගමට ගෙන එනවාට විරෝධයක්

කහතුඩුව, පහළගම කුරුඳු ඉඩමකදී සිදු වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබලෙකු වන චාමර ජානක පොරගේ නමැත්තාගේ මෘත දේහය ඔහුගේ ගමට ගෙන ඒමට හංවැල්ල, ආටිගල ප්‍රදේශවාසීන් විරෝධය පළ කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ මෘත දේහය හෝමාගම පිටිපන ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට පවුලේ ඥාතීන් කටයුතු කර ඇති බවයි පොලීසිය පැවසුවේ. STF වෙඩි පහරෙන් මියගිය වෙඩික්කරුවෙකුගේ මෘත දේහය ගමට ගෙන එනවාට විරෝධයක්