Pramitha Sangith

මහත්මයෙක් වගේ ඇදුම් ඇදගන ඇවිත් සූක්ෂම ලෙස හොරකම් කරන හොරෙක් ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මල්වත්තාවල මංසන්ධිය ප්‍රදේශයේ වෙළෙඳසැල් කිහිපයකට පැමිණි සොරෙක් එහි තිබූ කිරිපිටි ඇතුළු භාණ්ඩ සොරකම් කරන ආකාරය එම වෙළෙඳසැල් වල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබෙනවා. එකම දිනක මෙම සොරා වෙළෙඳසැල් දෙකක භාණ්ඩ සොරාගෙන ඇති අතර එක් වෙළෙඳසැලක සොරකම් කර ඒ අසල තවත් වෙළෙඳසැලකට ගොස් එම වෙළෙඳසැළෙන් ද භාණ්ඩ සොරාගෙන ඇත. මහත්මයෙක් වගේ ඇදුම් ඇදගන ඇවිත් සූක්ෂම ලෙස හොරකම් කරන හොරෙක් ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු වඩුක්කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු වඩුක්කෝට්ටේ, වඩගම්බර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත උතුරු පළාත් අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි. එම වැටලීමේදී කේරළ ගංජා කිලෝ 12යි ග්‍රෑම් 250ක් සහ යතුරුපැදියක් සොයා ගත් බවයි උතුරු පළාත් අපරාධ ඒකකයේ නිලධාරීන් පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 30, 36 යන වයස්වල පසුවන නරෛනගර් ප්‍රදේශයේ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු වඩුක්කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමියෙන් මිනිස් සිරුරු 88ක අස්ථි කොටස් සොයා ගැනෙයි

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ සිදු කළ සිව්වන අදියරේ කැනීම් තුළින් ඊයේ දිනයේදී තවත් මිනිස් සිරුරු තුනකට අදාළ අස්ථි කොටස් මතුකරගත් බව කැනීම් නිළධාරීන් පවසනවා. ඒ අනුව සමූහ මිනිවළේ කැනීම් තුළින් මේ වන විට මිනිස් සිරුරු 88කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන ඇති බවයි කැනීම් නිළධාරීන් පැවසුවේ. මිනිස් සිරුරු 76කට අදාළ අස්ථි යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමියෙන් මිනිස් සිරුරු 88ක අස්ථි කොටස් සොයා ගැනෙයි

මත්ද්‍රව්‍ය විශාල තොගයක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ “හරිත මාවත” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටි විදේශීය ගුවන් මගියෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්. ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබෙනවා. පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් මත්ද්‍රව්‍ය විශාල තොගයක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

හිරේ යන්න කලින් සැප ගන්න වටේ යන හිටපු මැති ඇමතිවරු සෙට් එක

දැන් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය. නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.

දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් අද කොළඹට

දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා පැවසුවේ එහිදී පසුගිය මාස හය පිළිබඳ සමාලෝචනය කිරීමක් සිදු කරන බවයි. ඊට අමතරව පළාත් සභාවල ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කරන බවද ඔහු නෙත් නිවුස් වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළා.

බංග්ලාදේශය හමුවේ බිඳ වැටුණු සිය ගෞරවය අවසන් මොහොතේ රැක ගැනීමට පකිස්ථාන සමත් වෙයි

බංග්ලාදේශය හමුවේ බිඳ වැටුණු සිය ගෞරවය අවසන් මොහොතේ රැක ගැනීමට පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, දෙරට අතර පැවති අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ලකුණු 74කින් ජය ගනිමින්. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07කට ලකුණු 178ක් රැස් කළා. බංග්ලාදේශ කණ්ඩායමට රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු බංග්ලාදේශය හමුවේ බිඳ වැටුණු සිය ගෞරවය අවසන් මොහොතේ රැක ගැනීමට පකිස්ථාන සමත් වෙයි

ලෝක රෙස්ලින් ලාංකේය ජන හදවත් තුළ කාවැද්දවූ හල්ක් හෝගන් මියයයි

WWE රෙස්ලින් හෙවත් මල්ලවපොර සටන් ලොව පුරා අතිශය ජනප්‍රිය වීමට ප්‍රධාන චරිතයක් බවට පත්වූ අමෙරිකාවේ ප්‍රසිද්ධ මල්ලවපොර තරුවක් වූ හල්ක් හෝගන් මිය ගොස් තිබෙනවා. ඒ, වයස අවුරුදු 71 දීයි. ටෙරී ජීන් බොලියා ලෙස උපත ලැබූ ඔහුගේ දුඹුරු පැහැති හිසකෙස් සහ සංකේතාත්මක උඩු රැවුල හේතුවෙන් ප්‍රසිද්ධ චරිතයක් වූ හල්ක් හෝගන් 1977 දී සිය වෘත්තීය මල්ලවපොර ජීවිතය ලෝක රෙස්ලින් ලාංකේය ජන හදවත් තුළ කාවැද්දවූ හල්ක් හෝගන් මියයයි

ජගත්ගෙ පුතයි රෝහිතගෙ බෑණයි බන්ධනාගාරයේ කළ දේ ගැන අනාවරණයක්

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි කළුතර බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. ඔහු ඊයේ පස්වරු 06.45ට පමණ එම බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව පළමුව රැඳවියෙකු ලෙස ලියාපදංචි කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඉන් අනතුරුව ඔහු නවක රැඳවියන් රඳවනු ලබන වාට්ටුවේ තවත් රැඳවියන් සියයකට අධික පිරිසක් සමඟ රඳවා තිබෙනවා. අද දිනයේ ඔහු වෛද්‍යවරයෙකු ජගත්ගෙ පුතයි රෝහිතගෙ බෑණයි බන්ධනාගාරයේ කළ දේ ගැන අනාවරණයක්