Published
නීතිවිරෝධී ලෙස මල් පැළ තොගයක් දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ එම මල්පැළ රැගෙනයාමට තැත් කිරීමේදීයි.
ඔහු විසින් බැංකොක් නුවර සිට රැගෙන ආ ගමන් මලු 03 ක ප්‍රිලෝඩෙන්ඩ්‍රම් , ඇග්ලෝනිමා , ඇලොකේශියා සහ මොන්ස්ටෙරා වර්ගවල විසිතුරු මල් පැළ 386 ක් සගවා තිබූ බවයි රේගු නිලධාරින් පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ශිෂ්‍යයෙක්.




