Published
ත්රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රියට ගල් ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
අග්බෝපුර හා ගල්ඔය හන්දිය දුම්රිය ස්ථාන දෙක අතරේදි ඊයේ රාත්රියේ එලෙස ගල් ප්රහාරය එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
එම ගල් ප්රහාරයෙන් පළමු පංතියේ මැදිරියක වැසිකිලි ජනේල වීදුරුවකට හානි සිදුව තිබෙනවා.
කෙසේවෙතත් කිසිදු මගියෙකුට අනතුරක් සිදුව නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් අග්බෝපුර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.



