රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට අදාළ පැමිණිල්ලේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි මස 8 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

එදිනට පෙර සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පැමිණිල්ලේ සැකකාරියක ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය නම් කරනවාදැයි අධ්‍යයනය කරමින් සිටින බවත් දිළිප පිරිස් මහතා වැඩිදුරටත් දන්වා සිටියා.