Published
තුන්වන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අදාල වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා එම කොමිසමේ නිලධාරීන් විසින් අද රාත්‍රි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට පමුණුවනු ලැබුවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලීම් කළා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කලා.