ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමේ අවදානමක් පවතින බව ක්‍රිකට් විචාරකයින් පවසනවා.
අවසන් මහා තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමට නම් ඉන්දීය සහ පකිස්ථාන කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟ දෙක වැඩි ලකුණු පරතරයකින් ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනවා.
එමෙන්ම අනෙකුත් කණ්ඩායම් ජයග්‍රහණය කරන තරඟද ඔවුන් ලබා ගන්නා ප්‍රසාද ලකුණුද ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා බලපාන බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් ඉදිරි තරඟ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම සම්බන්ධයෙන් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක මෙලෙස අදහස් පළ කළා.
බංග්ලාදේශ කණ්ඩායම සමග පසුගියදා පැවති තරඟයේදී කමිඳු මෙන්ඩිස්ට කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට නොහැකි වුණා.
කෙසේවෙතත් කමිඳු මෙන්ඩිස් සම්බන්ධයෙන් දසුන් ශානක දැක්වූයේ මෙවන් අදහසක්.



