Published
කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය වැඩ තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 18 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී පෙත්සම්කාර චමින්ද කුලරත්න මහතා අධිකරණයට පැමිණ සිටියා.
එහිදී පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 18 වනදා කැඳවන ලෙස නියෝග කළා.




