Published
ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහනගර සභාවේ 2026 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම අද වැඩි ඡන්ද දෙකකින් සම්මත වුණා.
අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 56ක් පමණයි.
පසුගිය 22 වනදා කොළඹ මහනගර සභාවේ මංගල අයවැය ඉදිරිපත් කෙරුණු අතඑ එහිදී එය පරාජයට පත් වුණා.
එම අවස්ථාවේදී අයවැයට විරුද්ධව ඡන්ද 60ක් ලැබී තිබූ අතර පක්ෂව ලැබී තිබුණු ඡන්ද සංඛ්‍යාව 57ක්.
කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය විසින් නිල අයවැය දෙවන වරට අද සභාවට ඉදිරිපත් කළේ එවැනි පසුබිමක් තුළයි.
මේ අතර කොළඹ මහනගර සභාවේ අයවැය දෙවන වර ඉදිරිපත් කළ අවස්ථාවේදී එය පාලක පක්ෂය විසින් ජයග්‍රහණය කළ ආකාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙලෙස අදහස් පළ කළා.


