Published
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 47 දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ, නාවික හමුදාවේ උතුරු සහ උතුරු මැද නාවික විධානයන් විසින් තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දුපත් ආසන්න මුහුදු ප්රදේශයේදීයි.
එහිදි අදාළ ධීවරයින් පැමිණි බෝට්ටු 05ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අදාළ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.