සිය සේවකයන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ තුන්වන අදියර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා.

එම මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ ඉදිරියේදී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බවයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ බලධාරින් ජනාධිපතිවරයා නොමග යවා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළා.