චීන ජනාධිපති ෂී ජින්පිං ගේ ප්‍රධානත්වයෙන් 33 වැනි APEC රාජ්‍ය නායක සමුළුව අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ චීනයේ Guangdong පළාතේ Shenzhen හි ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේදීයී.

මේ සඳහා සහභාගි වීමට රාජ්‍ය නායකයන් පැමිණියේ රතු පලස මතින්. එලෙස පැමිණි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයන් උණුසුම් ලෙස පිළිගැනුණා.

සමුළුව අමතමින් චීන ජනාධිපති ෂී ජින්පින් කියා සිටියේ ලෝකයේ ඊළඟ පරිච්ඡේදය යන දිශාව තීරණය කිරීම සඳහා මෙම සමුළුව ඉතා වැදගත් වන බවයි.

දශක තුනකට පෙර යුගයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි, APEC සංවිධානය ස්ථාපිත කිරීමත් සමගම ආසියා පැසිෆික් කලාපය ගොඩනැගීමේ දැවැන්ත ගමන ආරම්භ වී තිබෙන බවද ෂී ජින්පිං මෙහිදී කියා සිටියා.

ගතවූ වසර 30ක කාලය තුළ ආසියා පැසිෆික් කලාපය දිනෙන් දින සංවර්ධනය වෙමින් පවතින අතර ආර්ථිකය වේගවත්ව සංවර්ධනය වෙමින් “ආසියා-පැසිෆික් ආශ්චර්යය" නිර්මාණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මෙම රාජ්‍ය නායක සමුළුවට සමගාමීව අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් අතර ද්වීපාර්ශ්වික හමුවක්ද අද සිදු කෙරුණ