Published
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙනවා.
එම පද්ධතිය මේ වනවිට පොතුවිල්වලට කිලෝමීටර් 300ක් ගිනිකොණ දෙසින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
එය ඉදිරි පැය කිහිපය තුළ නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.
එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.




