ප්රධාන ගංගා කිහිපයක් ආශ්රිත ඇතැම් පහත් බිම් තවදුරටත් ජලයෙන් යටව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් කැළණි ගගේ කිහිපයකද ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.
කෙසේවෙතත් කැළණි ගගේ ජල මට්ටම විශාල ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය නොවනු ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්යක්ෂ එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවේ.
"කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට අඩුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම හංවැල්ල සහ ග්ලෙන්කෝස් අවිස්සාවේල්ල ප්රදේශයේත් ඉහළ ප්රදේශ ජල මට්ටම සෙමෙන් අඩුවෙමින් පවතිනවා. ඉන් පහළ ප්රදේශ සුළු වැඩිවීමක් අපේක්ෂා කරනවා. නමුත් සුළු ගංවතුර මට්ටමට වඩා අඩු මට්ටමක තමයි හංවැල්ල සහ එයින් පහළ ප්රදේශ තවමත් පවතින්නේ. එය සුළු ගංවතුර තත්ත්වයකට ළඟා නොවේවි කියන විශ්වාසය තියෙනවා. ඒ වගේම අත්තනගලු ඔයේ දූනමලේ ජල මට්ටම මේ වන විට සුළු ගංවතුර මට්ටමක පවතිනවා. දැන් වැඩිවීම ඉතාම සෙමෙන් ඉතා අඩුවීමක් තමයි අපේක්ෂා කරන්නේ. නමුත් ඉන් පහළ විශේෂයෙන්ම ජාඇල, කටාන, වත්තල වැනි ප්රදේශවල ඇතැම් ස්ථාන පහත් බිම්වලට තවදුරටත් වතුර ඇතුල්වීමේ හැකියාව තියෙනවා සහ සාමාන්ය වැඩිවීමක් අපේක්ෂා කරනවා. ඒ අනුව විශේෂයෙන්ම කැලණි ගඟ පහළ ප්රදේශ, අත්තනගලු ඔය පහළ ප්රදේශ, නිල්වලා ගඟ පහළ ප්රදේශ සහ ගිං ගඟ පහළ ප්රදේශවල ඉන්න ජනතාව මේ පිළිබඳ දැඩි සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීම කරනවා. ඊට අමතරව මහ ඔයේත් ඒ වගේම මහ ඔය පහළ බඩල්ගම සහ ඉන් පහළ ප්රදේශවල තව සුළු වැඩිවීමක් අපේක්ෂා කරනවා. නමුත් අනෙකුත් ප්රදේශවල ජල මට්ටම් ඊයේ රාත්රියෙන් පසුව අඩුවෙමින් පවතිනවා. නිල්වලා ගඟ විශේෂයෙන්ම අකුරැස්ස සහ ඉන් පහළ ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් මේ දක්වා පවතිනවා. ඒ වගේම අකුරැස්ස ප්රදේශයේ ජල මට්ටම සෙමෙන් අඩුවෙමින් පැවතුනත් මාතරට ආසන්න බද්දුව සහ ඒ ආසන්න ප්රදේශවල තවදුරටත් ජල මට්ටම සෙමින් වැඩිවීමක් සහ සාමාන්ය වැඩිවීමක් අපේක්ෂා කරනවා. ගිං ගඟ බද්දේගම සහ ඒ ආසන්නයේ ජල මට්ටම තව සුළු ප්රමාණයක් වැඩිවීමටත් එය සුළු ගංවතුර තත්ත්වයකට ආසන්න මට්ටම දක්වා වැඩිවීම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් විශාල ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම කළු ගඟේ මිල්ලකන්ද සහ රත්නපුර ජල මට්ටම් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වැඩිවීම තුළ ඉන් පහළ ප්රදේශවල ජල මට්ටම් සැලකිය යුතු වැඩිවීමක් සිදු වුණා. ඒ අනුව රත්නපුරත් ඒ වගේම මිල්ලකන්ද කුඩා ගඟ ආශ්රිතවත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර මේ දක්වා රත්නපුර ප්රදේශයේ ජල මට්ටම ක්රමයෙන් අඩුවෙමින් පවතිනවා. ඒ වගේම ඉන් පහළ ප්රදේශ තවදුරටත් ජල මට්ටම් වැඩිවීමක් සිද්ධ වෙයි. නමුත් එය මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දැදුරු ඔය වාන්දොරටු තවමත් විවෘත කරලා තියෙනවා. ඒ ඊයේ රාත්රී වන විටත් තත්පරයට ඝන අඩි 15,700 කට ආසන්න ප්රමාණයක් නිදහස් කරනු ලැබුවා ජලාශයේ වාන්දොරටු විවෘත කරලා. මේ තත්ත්වය යටතේ පහළ ප්රදේශවල සැලකිය යුතු ඉහළ අගයක ජල මට්ටම් පවතිනවා. නමුත් එය අවදානම්... එය විශාල වැඩිවීමක් සිදුවෙන්නේ නැහැ හෝ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් මේ දක්වා පවතින තත්ත්වය මත සිදුවෙන්නේ නැහැ. ඒ වගේම රාජාංගනයේ තත්පරයට ඝන අඩි 5,000 කට ආසන්න ප්රමාණයක් අද උදෑසන වන විට අඩු කරනු ලැබුවා 5,000 ආසන්නයට. මේ නිසා ගඟේ ජල මට්ටම්වල වෙනස්වීමක්, අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන් හෝමා විශේෂයෙන්ම කලා ඔයේ. ඒ වගේම මී ඔය, ඉඟිනිමිටිය සහ තබ්බෝව ජලාශවල, ඉඟිනිමිටිය තත්පරයට ඝන අඩි 3,000 කට ආසන්න ප්රමාණයකුත්, තබ්බෝවේ තත්පරයට ඝන අඩි 4,400 කට ආසන්න ප්රමාණයකුත් වාන් දැමීම සිදුවෙනවා. මේ තත්ත්වය යටතේ මී ඔයේ පහළ ප්රදේශවල සැලකිය යුතු ජල මට්ටමක් පවතිනවා සහ වරින් වර මේ වෙනස්වීමට ඉඩ තියෙනවා. අද දවසෙත් වර්ෂාපතනය ලැබෙන පුරෝකථනයන් තමයි තියෙන්නේ. අපගේ ජලාශ පද්ධතියෙන් ප්රධාන ජලාශ සහ මධ්යම ප්රමාණයේ ජලාශවලින් 30 කට ආසන්න ජලාශ ප්රමාණයක් මේ වන විටත් වාන් දැමීම සිද්ධ වෙනවා.



