නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.

මෙම වැඩසටහනෙහි අරමුණ වී ඇත්තේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව පිළිබඳව පළාත් සහ කලාප මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීම බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මෙහෙයවීම යටතේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කළ ජාතික විෂයමාලා රාමුව පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු නිලධාරීන් වෙත ලබා දීම මෙහිදී සිදුව තිබෙනවා.