ආයතනික රැකවරණය හෝ භාරකාරීත්වය යටතේ සිටින ළමයින් සහ වීදි ළමයින් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දීමේ වැඩසටහන අද ආරම්භ වනවා.

“අර්ථ” ලෙස නම් කර ඇති මෙම වැඩසටහන අද ආරම්භ වන්නේ බත්තරමුල්ල සෙත්සිරිපායේ 11වන මහලේ පිහිටි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේදීයි.

2025 අයවැය මගින් ඉදිරිපත්කළ මෙම වැඩසටහන යටතේ ළමයින් 9,991 දෙනෙකුට මෙම ප්‍රතිලාභය හිමි වන බවයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවුසවේ.

ඒ සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.