ණය ආපසු නොගෙවූ පුද්ගලයින් විසින් ඇප වශයෙන් තබා ඇති වත්කම් බැංකුව හෝ මූල්‍ය ආයතනය වෙත අත්පත් කර ගැනීමට අවස්ථාව හිමිවන “පරාටේ නීතිය” අද සිට යළි සක්‍රිය වනවා.

ඉකුත් කාල සීමාවේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එම නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කර තිබුණා.

රුපියල් මිලියන 50ට වැඩි ණය ලබාගෙන ගෙවීම් පැහැර හැර ඇති පුද්ගලයින්ට අද සිට එම නීතිය ක්‍රියාත්මක වන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ.

පරාටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.

පරාටේ නීතිය නැවත සක්‍රීය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළ කළේ මෙවන් අදහසක්.