දෙහිවල, කොහුවල හා ගල්කිස්ස පොලිස් වසම්වල පසුගිය කාලය පුරා සිදු වූ මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසකට යොදාගත් ගිනි අවි තුනක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගෙන තිබෙනවා.
එම ගිනි අවි විදේශගතව සැඟව සිටින පාතාල සාමාජිකයන් වන අවිශ්ක හේෂාන් නොහොත් “බෝධිය වත්තේ අවිශ්ක” හා සමන්ත පෙරේරා නොහොත් “චූව සමන්ත” නමැත්තාට අයත් බවයි පොලීසිය පැවසුවේ.
එම ගිනි අවි සන්තකව සිටි සැකකරුවන් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුබෝවිල රෝහල පාර, සරණංකර පාර, කළුබෝවිල කැවුම්වත්ත හා බෝධියවත්ත ප්‍රදේශවල නිවෙස්වල රැඳී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් අතර ආයුධ සැපයූ පුද්ගලයෙකු, නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයෙකු, මිනිස් ඝාතන සඳහා යතුරුපැදිය පැද වූ පුද්ගලයෙකු සහ ආයුධ භාරව සිටි පුද්ගලයාද වනවා.
ඔවුන් සන්තකයේ තිබී විදෙස් ගතව සැඟව සිටින අදාල අපරාධකරුවන් දෙදෙනාට අයත් විදේශ රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවි 03ක් සහ ජිව උණ්ඩ 12ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 50ක්, රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් සහ ජංගම දුරකථන 03ක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොහුවල පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.




