රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දියාවට නැවතත් අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
රුසියානු තෙල් මිලදී ගැනීම සීමා කිරීමට ඉන්දියාව කටයුතු නොකරන්නේ නම් ඉන්දියාවට එරෙහිව තීරුබදු ඉහළ නංවන බවටයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.
“මෝදි හොඳ මිනිසෙක්, මම අසතුටින් බව ඔහු දැන සිටියා යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා එයාර් ෆෝස් වන් යානයේදී වාර්තාකරුවන් හමුවේ පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිය ග්‍රහණයට ගැනීමෙන් පසු අමෙරිකාව වෙනිසියුලාවේ සමීපතම රාජ්‍යයක් වන කියුබාවට සහ අසල්වැසි කොලොම්බියාවටද අනතුරු අඟවා තිබෙනවා.
අමෙරිකානු ගුවන් හමුදාවේ වන් එයාර් ෆෝස් ගුවන් යානයෙන් වොෂිංටනය බලා පැමිණෙමින් සිටියදී ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ට්‍රම්ප් මේ බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ කියුබාවේ වත්මන් රජය ඉක්මනින් බිඳ වැටීමේ හැකියාවක් පවතින බවයි.
එය වාමාංශික පාලනයන් පවතින ලතින් ඇමරිකානු රටවල් කෙරෙහි ට්‍රම්ප් පරිපාලනයේ පවතින දැඩි ආක්‍රමණශීලී ස්ථාවරය අවධාරනය කරන අනතුරු ඇඟවීමක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ.
කෙසේවෙතත් කියුබානු රජයේ බිඳවැටීම ඉක්මන් කිරීම සඳහා අමෙරිකානු පරිපාලනය සිය හමුදා භාවිතා කිරීමට ඇති හැකියාව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළ අතර වෙනිසියුලාව කියුබාවේ ප්‍රධාන ආර්ථික අනුග්‍රාහකයා බව පමණක් බව පවසා තිබෙනවා.
මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා වෙනිසියුලාවේ අසල්වැසි රටක් වන කොලොම්බියාවේ ජනාධිපතිවරයා වෙත ද තර්ජනයක් එල් කර තිබෙනවා.
එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ කොලොම්බියාව ඉතා දුර්වල තත්ත්වයක පවතින බවයි.
කොකේන් නිෂ්පාදනය කර එක්සත් ජනපදයට යැවීමේ නිරත නායකයෙකු විසින් කොලොම්බියාව මෙහෙයවනු ලබන බවත්, එම නායකයා වැඩි කලක් බලයේ නොසිටින බවත් ට්‍රම්ප් පවසා තිබෙනවා.
එමෙන්ම ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගැනීමේ සිය කැමැත්ත පිළිබඳව ද ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී යලි සිහිපත් කර ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඔහු එවැනි ප්‍රකාශයක් සිදු කර ඇත්තේ ග්‍රීන්ලන්තය ඈඳා ගන්නා බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඩෙන්මාර්ක අගමැතිවරයා විවේචනාත්මක ප්‍රකාශයක් සිදු කිරීමෙන් පැය කිහිපයකට පසුවයි.
”ජාතික ආරක්ෂක තත්වයක් නිසා අපට ග්‍රීන්ලන්තය අවශ්‍යයි,” යනුවෙන්ද ට්‍රම්ප් එහිදී පවසා තිබෙනවා.




