Published
යාපනය, පන්නේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ නිර්වේලි, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 19ක තරුණයෙක්.
මරණකරු එම හෝටලයේ සේවකයෙකු වශයෙන් කටයුතු කළ බවයි පොලීසිය පැවසුවේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය තරුණයා භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී අනතුරට ලක්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.