Published
අනවශ්‍ය ලෙස ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙස ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පැවසුවේ මැදපෙරදිග ඇති වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඛනිජ තෙල් මිල වැඩිවීමේ අවදානමක් පවතින බවයි.
ඉදිරි මාස කිහිපය සඳහා මේ වන විටත් රජය ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පැවසුවේ.
රජයේ උපදෙස් පරිදි වාහනවලට පමණක් ඉන්ධන පිරවීමේ කටයුතු සිදුකරන ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල්වට දැනුම්දී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.