Published
අම්බලන්ගොඩ ඇසළ මහා පෙරහර වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.
අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහර අද රාත්රී 08 දක්වා සහ හෙට රාත්රී 09 සිට අලුයම 03 දක්වා ගාල්ල කොළඔ ප්රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිත බවයි පොලීසිය පවසන්නේ.
පෙරහැර මෝදර දේවාලයෙන් ආරම්භ වී හිරේවතන බුදු පිළිමය තෙක් ගමන් කර අම්බලන්ගොඩ පරණ පාර මහ වීදිය ඔස්සේ සිරිකත වටරවුමෙන් ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයට පිවිස ගාල්ල දෙසට ගමන් කර ඌරවත්ත පාලම අසලින් දේවාල මාර්ගය ඔස්සේ යළි දේවාලය වෙත පැමිණීමට නියමිතයි.
ඒ වෙනුවෙන් සිදු කෙරෙන රථ වාහන සැලැස්ම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.
Media on 2025.08.15 පැය 1250 රථ වාහන ගමනාගමනය සීමා කිරීම - ගාල්ල මාර්ගය by nethsound




