කොළඹ - නුවර මාර්ගය කෑගල්ල, මීපිටිය ප්‍රදේශයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා .

ඒ නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දීම හේතුවෙන්.

එබැවින් කොළඹ - නුවර මාර්ගයේ රථ වාහන ධාවනය කරන පිරිස කෑගල්ල ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් අත්‍යවශ්‍ය කරුණක් හැරුණුවිට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.