ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය නගරාසන්නේ ජනතාව පත්ව ඇති පීඩාවක් පිළිබඳව අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා.

පරණ අබැලි ද්‍රව්‍ය එකතු කරන ස්ථානයක ඉවත් කරනු ලබන පොලිතින් විවෘත පරිසරයේ පිළිස්සීම නිසා ප්‍රදේශවාසීන් අපහසුතාවට ලක්ව ඇතැයි පැවසෙනවා

ප්‍රදේශවාසීන් සමග ගැටුම් ඇති කර ගනිමින් තවත් බොහෝ පිරිසකට නිදහසේ හුස්ම ගැනීමට ඇති අයිතියට බාධා කරමින් විවිධ රෝගාබාධවලට ලක්වීමට ජීවිත අවධානයේ හෙලමින් සිදු කරන මෙම පොලිතින් පිළිස්සීම නිසා ඇතිවී තිබෙන අපහසුතාවන් හා රෝගී තත්වයන් ගැන ජනතාව මෙලෙස සඳහන් කර සිටියා.

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.