සුළු පරිමාණ මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 494 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදු කළ වැටලීම් 494කදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඉන් සැකකරුවන් 169 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 354යි මිලි ග්‍රෑම් 747ක් සන්තකව සිටියදීයි.

ගංජා සන්තකව සිටි සැකකරුවන් 168 දෙනෙකුද, හෙරොයින් සන්තකව සිටියදී සැකකරුවන් 142කුද දිවයින පුරා සිදු කළ එම මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.