තවමත් විදුලිය නොමැති ප්‍රදේශ හෝ අවතැන් කඳවුරු වේ නම් එම ජනතාවට තාවකාලිකව විදුලිය ලබාදීමේ නෙත් එෆ් එම් සමාජ සත්කාරය වෙත මේ වනවිට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.
මෙම සමාජ සත්කාරය දියත් කරන්නේ “ඒ ප්ලස් ටෙක්නොලජි” ආයතනය සමගයි. ඒ අනුව ළ කොත්මලේ, අඹතලාව ශ්‍රී ප්‍රඥාප්‍රදීප විද්‍යායතන පිරිවෙනෙහි අඩුපාඩුවක්ව පැවති විදුලි ආලෝක පහසුකම සැලසීමේ කටයුතු අද සිදු කෙරුණා.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ කොත්මලේ, අඹතලාව ශ්‍රී ප්‍රඥාප්‍රදීප විද්‍යායතන පරිවෙනාධිපති පූජ්‍ය රාවණාගොඩ නන්දසාර හිමි
මේ, “ඒ ප්ලස් ටෙක්නොලජි” ආයතනය මැදිහත් වී සිදුකළ එම කාර්යය පිළිබඳ අදහස් දැක්වූ එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි උෂාන්ත තිලකරත්න මහතා.
තවමත් විදුලිය නොමැති ප්‍රදේශ හෝ අවතැන් කඳවුරු වේ නම් හෝ මෙම වැඩසටහන සමග එක්වීමට කැමති පාර්ශ්ව වේනම් 077 3 951 401 අංකයෙන් මොහොමඩ් රම්සිට ඊට අදාල තොරතුරු ලබාදිය හැකියි.
එම අංකය නැවතත්, 077 3 951 401.




