Published
                
                 
                
            අනුරාධපුර, තිරප්පනේ ගල්කුලම ප්රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ රාත්රී 09යි 30ට පමණ එම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එලෙස තුවාල ලබා ඇත්තේ 29 හැවිරිදි මිහින්තලය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.
වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




