ඉන්ධන ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලඥයින් අද අදහස් පළ කළා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මාසිකව සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 15කින් වන අතර එහි නව මිල රුපියල් 289ක් වනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 12කින්.
ඒ අනුව රුපියල් 293ක් ලෙස පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 305ක් දක්වා ඉහළ දැමුවා.
රුපියල් 178ක් ලෙස පැවති ලංකා භූමිතෙල් ලීටරයක මිල වැඩිකර ඇත්තේ රුපියල් 07කින්. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 185ක් දක්වා ඉහළ දැමුවා.