Published
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් පසුගිය දින කිහිපය තුළ දක්නට ලැබුණු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එලෙස ළමුන් අතර මෙම රෝග වැළඳීමේ ප්‍රවණතාව හටගෙන ඇති බවයි.
ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සැලකිය යුතු පිරිසක් රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවද ඔහු පැවසුවා.
ඩෙංගු රෝගය මාරාන්තික බවත් චිකන්ගුන්යා රෝගයෙන් පසු මාස ගණනාවක් පුරාවට හන්දි කැක්කුම් ආදියෙන් පීඩා විඳීමට සිදුවන බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළා.