පසුගියදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට පෙනී සිටි පිරිමි දරුවා එම විභාගයෙන් සමත් වී තිබෙනවා.
ශිෂ්‍යත්ව විභාගයෙන් ඔහු ලකුණු 152ක් ලබාගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව ිපැවසුවේ.
මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ එම දරුවා සහ තවත් දැරියන් සිව් දෙනෙක් සමග විභාගයට පෙනි සිටීමට නියමිතව සිටියා.
ඔවුන් වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග මධ්‍යස්ථානයක්ද අපේක්‍ෂා රෝහලේ ස්ථාපිත කළා.
කෙසේවෙතත් අදාළ පිරිමි දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමට මහරගම අපේක්ෂා රොහලේ වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණා.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ විභාග දෙපාර්තමේන්තුව එම දරුවා වෙනුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ විභාග මධ්‍යස්ථානයක් ද කඩිනමින් ස්ථාපිත කිරීමට කටයුතු කළා.
එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් එම දරුවා විභාගයට පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
එවන් පසුබිමක් තුළ විභාගයට මුහුණ දුන් එම දරුවා ලකුණු 152ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ තුන්දහස් හයසිය හැත්තෑ දෙනෙකු පෙනී සිටියා.
ඒ අතරින් සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණෙන් ඉහළ ලකුණු ලබාගත් බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.




