දුර ගමන් සේවා බස්රථවලටත් ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ අවධානය යොමුව තිබෙනවා.

එහි සභාපති මංජුල කුලරත්න මහතා පැවසුවේ දුර ගමන් සේවා බස්රථවලටත් ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් දැනටමත් ඉල්ලීම් ලැබී ඇති බවයි.

අද දිනයේ සිට අධිවේගී මාර්ගවල ගමන් කරන බස් රථ ඇතුළු සියලුම වාහනවල පුද්ගලයින් ආසන පටි පැළඳීම අනිවාර්ය වනවා. ආසන පටි නොමැතිව මෙරටට ගෙන්වන ලද ඇතැම් වාහන ඇත්නම් ඔවුන්ට එය සකස් කර ගැනීම සඳහා තවත් මාස තුනක කාලයක් ලබා දීමටද නියමිතයි.