විවිධ දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සෙමින් නමුත් ක්‍රමානුකූලව සිදු වෙමින් ඇතැයි අධිකරණ අමාත්‍ය, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ නිසි ක්‍රමවේදය අනුව එම කටයුතු සිදු නොකලහොත් වැරදිකරුවන් ඉතා පහසුවෙන් නිදහස් වීමේ වැඩි ඉඩක් පවතින බවයි.

දූෂිතයින්ට දඬුවම් දෙන ක්‍රියාවලියේදී රාජ්‍ය නිලධාරින්ට එරෙහිව පියවර ගැනීමේදී වඩා සැලකිල්ලෙන් එය සිදුකල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ජනාධිපති සමාව අවභාවිත කරමින් මීට පෙර නිදහස් කර ඇති කිසිදු රැඳවියෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

අධිකරණ අමාත්‍ය, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා.