දෙහිවල, කවුඩාන, සිරිසගබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද අලු‍යම තුනට පමණ මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.