Published
නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රී කාලයේ නිරීක්ෂණය කිරීමට හැකියාවක් පවතින බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.
හෙට අලුයම 03.00 සිට උදෑසන 05.00 දක්වා එම උල්කාපාත වර්ෂාව පැහැදිලිව දැකගැනීමට හැකියාවක් පවතින බවයි ඔහු පැවසුවේ.
නව වසරේ පළමු උල්කාපාත වර්ෂාව මෙය වන බැවින් එය දරුවන්ට සුවිශේෂී අත්දැකීමක් විය හැකි බවද අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා.




