නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු අධ්‍යක්ෂ ඉඩම් හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති දූෂණ චෝදනා මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු අධ්‍යක්ෂ ඉඩම් හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති විසින් නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 05, මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩම් කොටසක් තාවකාලික බදු පදනම මත ලබා දීමේ දී නාගරික සංවර්ධන අධිකාරියට රු. 29,519,666.16 ක මුදලක් පාඩු කිරීම හේතුවෙන්

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර සිටියේ