Published
නෙත් එෆ් එම් ශ්වේත පූජා සජීවී වැඩසටහන අද උදෑසන 06 සිට පොතුහැර අත්තනපිටිය පුරාණ ගල් ලෙන් රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා.
මෙම වැඩසටහනට සමගාමීව රාත්‍රි 08 සිට රාත්‍රී 09 දක්වා පූජ්‍ය, ගනේකන්දේ චන්දරතන හිමියන් විසින් සිදුකරනු ලබන ගිතෙල් පහන් පූජාවක්ද සිදු කිරීමට නියමිතයි.
ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණඩාර වීරකොන් සමගින්.
මේ අතර, ඓතිහාසික ගැටබරු රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
රාත්‍රී 07 02ට යෙදෙන සුබ මොහොතින් රන්දෝලි මහා පෙරහැර ආරම්භ කෙරෙන බවයි ගැටබරු රාජමහා විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක ආචාර්ය, පූජ්‍ය කිරින්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කළේ.




