Published
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක පොසොන් උදානය, මෙවර තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා.
ඊට සමගාමීව පැවැත්වෙන ‘නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය’ අද දිනයේද ක්‍රියාත්මකයි.
ධාතු නමස්කාරය සඳහා බොහෝ සැදැහවතුන් පිරිසක් ඊයේ දිනය පුරා තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයට පැමිණියා.
එලෙස පැමිණි සැදැහැවතුන් පිරිසක් තමන්ට ලැබුණු එම මහඟු අවස්ථාව පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.
තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන ‘නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය’ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම රාජමහා විහාරස්ථානයේ මේ වන විට රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.