බස්නාහිර පළාතේ ධාවනය වන බස් රථවල ගමන් ගන්නා මගීන් ප්රවේශපත්රයක් ළඟ තබා ගැනීම මෙන්ම කොන්දොස්තරවරුන්ට ප්රවේශ පත්රයක් ලබාදීම අද සිට අනිවාර්යයි.
දැන් බොහෝ දෙනා නගන ප්රශ්නය වන්නේ ප්රවේශ පත්රයක් ළඟ තිබේද සහ ප්රවේශ පත්රයක් ලබා දුන්නා දැයි පරික්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියෙන් සභාපති විශ්රාමික කමාන්ඩර් ගාමිනී ජාසිංහ මහතාගෙන් ප්රශ්න කළා.
බස් රථයට ගොඩ වූ වහාම මගීන්ට ප්රවේශ පත්රයක් ලබාදී ප්රායෝගික ද?
ප්රවේශ පත්රයක් ළඟ තිබීමෙන් මගී ජනතාවට ලැබෙන වාසිය කුමක්ද?
ප්රවේශ පත්රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට හා ප්රවේශ පත්ර ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට ද මෙහිදී දඩයක් නියම කිරීම සිදු වනවා. එලෙස මගීන්ගෙන් දඩ අය කරන්නේ කෙසේද?
බස්නාහිර පළාතේ ධාවනය වන බස් රථ පරික්ෂා කිරීම අද සිදුවනවා.




