පොතුහැර, කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ සැතපුම් 53 දම්වැල් 31 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් හෙට සහ අනිද්දා දිනවලදී උදෑසන 09 සිට සවස 06යි 30 දක්වා අර්ධ වශයෙන් මහා මාර්ගය වාහන ගමනාගමනයට වසා තබන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම 21 වනදා උදෑසන 09 සිට 22 වනදා උදෑසන 06 දක්වා මාර්ගය සම්පූර්ණ වශයෙන්ද වසා තැබෙනු ඇති.

පසුව නැවතත් 22 වනදා උදෑසන 09 සිට එදින සවස 06යි 30 දක්වා අර්ධ වශයෙන්ද මහා මාර්ගය වසා තබන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.