Published
දිවයින පුරා ක්රියාත්මක විශේෂ පොලිස් මෙහෙයුම යටතේ මේ දක්වා පුද්ගලයින් 26,315 දෙනෙකු පරීක්ෂා කර ඇතැයි පොලිසිය පවසනවා.
ඒ අතරින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසියට හැකිවී ඇත්තේ.
සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 618ක්.
වරෙන්තුකරුවන් 417 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවා.
බීමත් රියදුරන් 46ක්, අපරික්ෂාකාරී රිය පැදවූ 15ක් සහ වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 3,659 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.




