තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 12 දෙනෙකු බගවන්තලාව ප්‍රදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එලෙස රෝහල්ගත කර ඇත්තේ කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03 දෙනෙක්.

බගවන්තලාව, බොගවාන වතුයායේ තේ පඳුරක් මත බැඳ තිබූ බඹර කූඩුවක, තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පය ගැටී බඹරුන් ඇවිස්සීම හේතුවෙන් මෙම බඹර ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

පවතින අයහපත් කාලගුණයත් සමග බඹරුන් විශාල වශයෙන් තේ වතුවල කූඩු බැඳ ඇති අතර වතු කම්කරුවන් විශාල පිරිසකට බඹර ප්‍රහාර එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් තේ වත්තේ දළු නෙලන කටයුතු අද දිනට නතර කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.