Published
මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව අතරතුර තුවාල ලැබූ රැඳවියන් සිව් දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද පස්වරු 4.00 ට පමණ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවයි.
ඒ සමග රැඳවියන් 20 දෙනෙකු පමණ බන්ධනාගාර වහලක් මත නැග තිබෙනවා.
එහිදී ඔවුන් ගල්මුල් වලින් පහර දීම් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
තවත් රැඳවියන් පිරිසක් මහර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලකට ගිනි තබා ඇති බවද වාර්තා වුණා.
බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සදහා පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කැදවා තිබෙනවා.
එමෙන්ම මෙම නොසන්සුන්තාව සම්බන්ධයෙන් සෙසු ආරක්ෂක අංශ ද දැනුවත් කර ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව ඔවුන් කෙටි වේලාවක් තුළ එම ස්ථානයට කැදවීමට ද සූදානම් කර තිබෙනවා.
මේ අතර මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවත් සමග සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

