මිනුවන්ගොඩ, පත්තඩුවන ප්‍රදේශයේ අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයාට වෙඩි වැදී නොමැති බවද පොලීසිය පැවසුවා.

“පස් දිලීප” නැමැති පුද්ගලයෙකු ඉලක්කර වෙඩි තැබීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.