Published
රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඊට අදාළව වෘත්තීය සමිති නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා දැනටමත් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.
එම අදහස් සහ යෝජනා අතර ඇති විශේෂිත කරුණු සති දෙකක් ඇතුළත අදාළ අමාත්‍යංශය වෙත යොමු කරන බව රාජ්‍ය සේවය සම්බන්ධයෙන් වූ පාර්මේන්තු අනුකාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.
සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් හා වෘත්තීය භාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් සොයා බැලීමට අනුකමිටුවක් ද මේ වන විට පත්කර තිබෙනවා.




